Love is value than all, if it is there;
the wealth & success also come with it
When a woman
exits her home, there are three men in front of her. But this woman didn't
recognize them. But she who thought they were hungry said, "I don't
know you. It seems me that, You were hungry, so come in and eat something." Invited them to
eat.
Then one of
these guys asks "Is your husband there at home?" and then, the she says, "he's yet to come after his work." "Then we can't come
in," says one of the three men. Somehow the man of the house is coming
home. The man of the house invited the men to go inside the house. But they say
they can't get into the house at once.
"Why
can't the three of you come together?" The woman in the house asks.
"His name is 'Wealth', the other is 'Success' and my name is 'Love',"
one of the three guests said. After he further said, "Go and talk to your husband
and invite any of the three of us to house." The She went into the house.
It's the only war inside. The whole team is discussing what it's like to select
a superstar.
The husband
said, "We call for wealth to come in, so that the whole wealth will be
filled." "No, no, hey! Let's call ourselves a success. Then we can be
successful." The house lady said. Anyway, this story is heard by the little
daughter-in-law. She too jumps in the middle of the story and asks, "Why
don't we let 'love' come into this house? then our whole house will be filled
with love." Later by realizing the idea is a good one and invites “Love”
to come inside the house.
When
"Love" comes in, then "Success" and "Wealth" and then,
this is a surprise for the housemates. Then they ask, they ask to come “Love”
inside and why the other two “Success” and “Wealth” came in? Then a stranger
would say, "If you ask for “Wealth” or “Success”, to enter the house, the
other two will not come. But because you asked for love, the other two will
come. As we cannot separate the “love."
Moral of the Story
The key
to success is the love factor. Where there is love, the “Success” is certain.
Wealth is also flowing. So therefore, give a place for “Love” in your lives.
This is the example you can take from this little story.
ආදරයට සියල්ලටම වඩා වටිනාකමක් ඇත. ආදරය ඇති තැනට සාර්ථකත්වය
සහ ධනය ද ඒ සමඟ පැමිණේ
එක්තරා කාන්තාවක්
තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු. නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට
බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා
ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාධනා කරනවා.
එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා
ගෙදර ඉන්නවද ?"
කියලා. ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ"
කියලා.
"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන්
එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා. ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා
කරනවා.
නමුත් මේ අය කියනවා
ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.
" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා. "මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා
අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා. ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම
සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.
" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා
යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා. "නෑ නෑ ඒයි!! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක
ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා. කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා. ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා “ආදරයට” ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.
“ආදරය” ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් “සාර්ථකත්වයයි” ඊටත් පිටි පස්සෙන් “ධනයයි” ගේ ඇතුලට එනවා. ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ
ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා. එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත්
දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.
------ආදර්ශය ------
ජීවිතයක් සාර්ථක
වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි. එතැනට ධනයත් නිතැතින්ම
ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ
ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි.
0 Comments